Monday, July 2, 2012

බූට් එකක් කාපු ගමන්ද???එහෙනම් මෙන්න සැනසෙන්න චූටි උදව්වක්







මේ කාරණාව සම්බන්ධයෙන් දන්න සිංහලෙන්ම ලියන්න හිතුවා මොකද බහුතරයක් දෙනාට වැඩක් වෙයි කියලා හිතලා. ඉංගිරීසියෙන්ම ලිව්වානම් මේක මට ඕන විදියට කියාගන්නත් බැරි වෙයි.ඉතින් මේක තේරෙන බාසාවෙන්, මේ කාරණාව නිසා පීඩා විදින හුදී ජනයාගේ හිත සුව පිණිස එයාලට වැඩක් වෙයි කියලා හිතන කරුණු කීපයක් කියලා හිතේ සහනය වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් කීපයක් ලියන්න හිතුනා. මනෝ විද්‍යාව පැත්තකින් තියමු,ආයේ මම ඒ වචනේ පාවිච්චි කරන්නෙත්නෑ ලොකුවට බරට ඔලුවට දාගන්න කිසි දෙයක් මේකේ ඇත්තෙත් නෑ ,සමහර වචන දැක්කම  වෙන වෙන මඟුල්නේ අපිට මතක් වෙන්නේ.මං මක්කටෙයි ඉල්ලන් ටින්කිරි ගාගන්නෙ,ඔන්න ඔහේ දන්න හෙළුවෙන් වනනො,කියන්න පුලුවන් සරලම විදියට.ඔය වචනේ දැක්කම එක පාරට ඔලුවට එන්නෙ පිස්සන් කොටුවනේ [ඒත් ඔය විද්‍යාව ඊට එහා සුවිශාල පරාසයක් ආවරණය කරනවා.ඔය වචනේ කිව්වා ගමන් පිස්සන් කොටුව ගැන හිතන එක ලාංකික ජනසමාජයේ එක දුර්මතයක්].ඒ නිසා මෙතනදි තමුන්ට වෙන දේයි, ඒ වෙන දේට චූටි චූටි ප්‍රතිකර්ම 2,3කුයි කතා බහ කරල බලමු.

හොඳයි විරහව,නෑ බූට් එක,ලැබුනම ගෑණු ලමයි පිරිමි ලමයි එක එක පිස්සු කරනො.මේක හොද හැටිම බලා ගන්න පුලුවන් වෙන්නේ අර ප්‍රථම මෙව්වා එක කැඩුනම.මේක කියවන බොහෝ දෙනාටත් ඒ අත්දැකීම ඇති කියල විශ්වාස කරනවා.සාමාන්‍යයෙන් කතාවට කියන්නේ පිරිමියෙකුට තමන්ගේ ප්‍රථම ප්‍රේමයත් ගැහැණියකට තමන්ගේ අවසාන ප්‍රේමයත් කවදාවත් අමතක කරන්න බෑ කියලා. ඉතින් මේ දෙගොල්ලො මේ හැඟීම දරාගන්න විදිය දෙවිදියක් කියල කියන්න පුලුවන්.

මුලින් කොල්ලව ගනිමුකෝ,ඒ කිව්වෙ පිරිමියා.පිරිමි සාමාන්‍යයෙන් තමුන්ගෙ හැඟීම් අනිත් අයට කියන්නෙ නෑ,එයාල තනියම ප්‍රශ්නෙ විසඳන්න උත්සාහ ගන්නවා.ඒකට ඉතින් කොල්ලට බැනල වැඩක් නෑ මානව පරිණාමේ ඉදන්ම පිරිමියා කියන්නෙ තනිව නැඟී ඉදලා ප්‍රශ්න වලට මූණ දෙන්න පුලුවන් විදියට හැදිච්ච කෙනෙක්.ඉතින් කොල්ලා ලේසියෙන් ඕක කාටවත් කියන්නෙත් නෑ තනිව විඳෝ විඳෝ ඉන්නවා.ලොකු සහනයක් අඬලා කරල ඕක පිට කරල දානවනම්,ඒත් ස්වභාවයෙන්ම පිරිමියා කියන්නේ අඬල කරල ප්‍රශ්න විසඳන චරිතයක් නෙමෙයි.ඔන්න ඔතනයි ලෙඩේ.අඬල පිට වේදනාව පිටකරනවනම් ලොකු දෙයක්,පිරිමියෙක් අඬනවා කියන්නේ දුර්වලකමක් නෙවෙයි.

දැන් බලමු කෙල්ලෝ,අඬන බබාලා .ගැහැණිය හරි දක්ශයි කතා කරන්න.තමුන්ගේ හැඟීම් පිට කරන්න.ඉතින් මෙහෙම මහා ලොකු හිත් වේදනවාක් ඇති උනත් දවස් 3,4ක් එක දිගට නොන්ස්ටොප් අඬල,තමන්ගේ ළඟම යාලුවොන්ට මේ ගැන කියලා  කරල එහෙම ගෑණු ලමයි යථා තත්වයට පත් වෙනවා.

මෙතන තව ලොකු චෝදනාවක් පිරිමි ළමයින්ගේ පැත්තෙනුත් තීනවා.ඒ තමයි වෙන් වෙලා වැඩි කාලයක් යන්න කලින් තමුන් මෙහේ මැරි මැරී ගෑණු ළමයා ගැන හිත හිත ඉන්දෙද්දි කෙල්ල තා කොල්ලෙක් එක්ක යාළු වෙන එක .ඇඟේ මාලු නටන්න ගන්නේ මේකි නිසා මම මෙහෙම විඳවනවා මේකි තුන් මාසයක් යන්න කලින් වෙන එකෙක් බදා ගෙන ඉන්නවා කියලා හිතුනමනේ. සමහරු අර ගෑණු ලමයා කසාද බැඳලා ලමයි 2,3ක් හදලා ඉවර උනත් තාමත් ඒ ගෑණු ලමයා ගැන හිත හිත ඉන්නවා. ඕකට තමයි ඉතින් අර රජවරු පවා කියුබාව ඉදිරියේ දණ නමයි කියල කියන්නේ. .ඒකට ඉතින් කොරන්න දෙයක් නෑ,කවුරු කොහොම තර්ක විතර්ක දාලා කිව්වත් අපි මේ ලෝකෙට එන්නෙ අපේ වර්ගයා බෝ කරන්න.ඒකට අවශ්‍ය විදියට තමා අනිත් ඔක්කොම රටාවල් හැඩ ගැහිලා තියෙන්නේ. මෙහෙම ගෑණු ලමයි වෙන එකක් දා ගන්න එක හේතුවක් උඩ කිව්වා, ඒ ගෑණු ළමයා ඉක්මනට යථා තත්වට පත් වෙනවා, අනිත් හේතුව තමයි ගෑණු ළමයින්ට තනියම තීරණයක් ගන්න තීන බැරිකම.හේතුව ඔය අවුල් වලට පැටලෙන ගොඩක් ගෑණු ළමයි තාම අම්මලා තාත්තල මත යැපෙන්නේ.ඉතින් අම්මා තාත්තා ගැන හිතලා එයාල ඉක්මනට හිත හදාගන්නවා. නමුත් පිරිමි ළමයෙක් ගත්තම එයාලට එයාලගෙම තනි ස්වාධීනත්වයක් තියෙනවා.ඒ නිසා පිරිමි ළමයි ඔය කාරණාව ගෑණු ලමයි පැත්තෙන් හිතුවොත් ඔය චෝදනාවට උත්තරයක් ලැබෙයි.අනික ප්‍රධානම කාරනේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ ආරක්ෂාව, ඒ කියන්නේ මූට මාව බලාගන්න පුලුවන් ද කියන එක. නමුත් කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලන්නේ තමන්ගේ අනාගත පරම්පරාව ගැන හිතලා.ඔය කාරණාව බොහොම සීරුමාරුවට කියන්න ඕන කාරණාවක්,මොකෝ නැත්නම් මුන් ඔක්කොම රෙදි උස්සන් එයි යකෝ උබ කියන්නෙ අපි අපේ අම්මලා නංගිලා දිහා බලන්නේ ඇඳට ගන්න හිතා ගෙනද කියලා. ඒ දේවල් ගැන නෙවෙයි මම කියන්නේ, අපි ඔය පාරේ තොටේ එහෙම යනකොට ඇහැට දකින පට්ට කෑලි ඉන්නේ, අන්න එයාලා දැක්කම ඒ එන හැඟීම්ස් එක ගැන මේ කියන්නේ, මොකෝ උන් දිහා බලල කෙළ පෙරෙන්නේ අම්මා/නංගි මානසිකත්වයෙන් නෙවෙයි නේ. හරියටම කියනවනම් අන්න ඒ එන රාගික හැඟීම. එහෙම ඉටිකිරිස් කෑල්ලක් ඇවිල්ලා යන්න කතා කලොත් එහෙම බලාගන්න තිබ්බ අප්පුහාමිලා ටික.හරි දැන් පඳුර වටේ තැලුවා ඇති.කිය කිය හිටියේ කොල්ලයි කෙල්ලයි  වෙන්  උනාම ඉක්මනට තව එකකට මාරු වෙන්නෙ කෙල්ල කියන එක.සමහර වෙලාට කොල්ල ඉන්දෙද්දිම වෙන ඒවාට මාරු වෙන උන් ඉන්නවා,ඒ හැර දැමීම්(exceptions).මේ උන් ගැන නෙවෙයි.

හරි දැන් ඉතින් වෙන් උනා කියමුකෝ.ඊට පස්සෙ තමා සිද්ධිය.අඬා ගැනීම්,බැන ගැනීම්,සාප කිරීම්,පලි ගැනීම් යන එකී මෙකී නොකී උඩකී යටිකී කාරණා අස්සේ තමුන්වම කපා ගැනීම්,පුච්චා ගැනීම් එහෙන් මෙහෙන් වෙනෝ.නොකා නොබී ඉන්නේ සේලයින් දෙන්න වෙනකන්ම.ඔන්න ඕක තමයි අවුල.අමතක උනා,තිතට මත තියන්නත් යනවා,සමහර උදවිය යකඩ ද තමුන් ද හයිය කියල බලන්න රේල් පාර පැත්තටත් යන්න හිතනවා.ඇයි තව මූදු යන්න,කඹ වල හයිය බලන්න වගේ ඒවත් හිතනවා.හැබැයි ඉතින් ඒ වගේ දරුණු තීරණ වලට එලැබෙන්නේ නම් බොහොම සුළුතරයක්.

ගොඩක් ජනප්‍රියම දේ බ්ලේඩ් එකෙන් අත කපා ගැනීමනේ,ඇයි ඊට පස්සේ ෆේස්බුක් දාන්නත් තීනවනේ ඒක.තමුන්ට මේ හානිකරන දේවල් කරන්නේ ඇත්තටම ගත්තොත් මනුස්සයා සාමාන්‍යයෙන් තමුන්ට වේදනාවක් දැනුනම තව තව වේදනාව හොයාගෙන යන්න කැමැති.තේරුම් කරන්නම් තව මෙහෙම,බූට් එක කාපු එකෙක් කවදාවත් වේග රිද්ම,පාටි රොක් එහෙම අහනවා දැකලා තීද??උන් අහන්නෙම විරහ ගීත.අඬන්නෙම ඕවා අහ අහ.මේක මේ තමුන්ට වේදනාවක් දැනෙන බව දැන දැනම තව තව අහන්නේ ඒ ජාතියේ සිංදු.අත්දැකීම් තීන අය ඇතිනේ මේ ලිපිය කියවන.ඔන්න පළවැනිම පාඩම හිත හදා ගන්න ඕනේ නම්,විරහ ගීත අහන්නෙපා, ෆුල් ආතල් එකක් දෙන සින්දු සෙට් එකක් අහන්න,නොසෑහෙන්න සහනයක් ලැබේවී.

හොඳයි දැන් බලමු මේ වේදනාවෙන් ගැලවෙන්න තීන විදි. දැන් ඉතින් කට්ටිය කියයි බෝතලේ කියලා.නෑ ඊට වඩා ලේසි ක්‍රමයකට මේකෙන් නිදහස්  වෙන්න,සහනයක් ලබා ගන්න පුළුවන්.

සහනයක් ගන්න තීන එක විදියක් කිව්වනේ,විරහ ගීත,එහෙම නැත්නම් බූට් සින්දු එහෙම අහන්නෙපා කියලා.ආතල් එකක් එන සින්දු අහන්න බැරිනම් සින්දු අහන්නැතුව හිටියත් කමක් නෑ.දැන් බලමු තා විදියක්.මේක ඔය ගොඩාක් තරහා යන අයට, එහෙම නැත්නම් කාණ්ඩයක් ඉස්සරහ අලි නෝණ්ඩියක් කාපු වෙලාට දැනෙන ලැජ්ජාව නැති කරගන්න,තව ඔය කාගේ හරි බෙල්ල මිරිකන්න එහෙම හිතෙන වෙලාටත් මේ දේ කරන්න පුලුවන්, හරිම ප්‍රයෝජනවත් ක්‍රමයක්.ඕන වෙන්නෙ ලියවෙන පෑනකුයි,කොළ ටිකකුයි,ගිනි පෙට්ටියයි.හරිම සරලයි.ඉතින් මොකද කරන්නේ,ඔය තමුන්ට හිතට ආපු හැඟීම ගැන නිමිත්ත,ඒ කියන්නෙ දුක,තරහව,වේදනාව,ලැජ්ජාව ගැන ඔය කොලේ ලියාගෙන ලියාගෙන යන්න.හැබැයි කාටවත් පේන්න කරන්නෙපා,ඔයාටම විතරයි ඕක.ලියාගෙන ලියාගෙන යන්න කියන්නේ හිතට එන වේගෙන්ම ලියාගෙන යන්න. කුණුහරුප ලිව්වට කිසී........අවුලක් නෑ. අකුරු ලස්සන වෙන්න කොහොමවත් ඕනෙ නෑ,ඔහේ පොල් අඩි සයිස් එකෙන් වැල් අකුරෙන් අඬ අඬා හරි ලියාගෙන යන්න හිතට අදහස් ගලා එන වේගෙන්.අදහස් ගල ගලා...හෝ ගා..ලා එනවනම් බලි කුරුටු අකුරෙන් ලිව්වත් කිසී......ම අවුලක් නෑ.හති වැටෙනකන්,අත රිදෙනකන්, තමුන්ට කියන්න තීන සේරෝම ලියල ඉවර වෙනකන් ලියන් යන එකයි ඇත්තේ.

ඕකෙ ඉතින් ලියන්න පුලුවන් කෙල්ලගේ/කොල්ලගේ අඩු පාඩු, යාළු වෙලා ඉන්න කාලේ දිරෙව්වෙ නැති ඒවා, බැනපුවා, බනින්න තීන ඒවා, පලිගන්න හිතෙන ඒවා, පලි ගන්න විදි, ඔය ඕන මගුලක්.කලිනුත් කිව්වනේ කුණුහරුප ලිව්වට අවුලක් නෑ.හැබැයි ඉතින් ගෑණු ලමයි කුණු හරුප දන්නෙ නෑනේ[අනේ ඉතින් කුණුහරුප නොදන්න කෙල්ලො].ඉතින් එයාලා තමන් දන්න නරකම කැත වචනේ කියල බනින්න ආයේ දෙපාරක් හිතන්නෙපා,බනින්න නංගි බනින්න.චමින්දට ඇති වෙනකන් බනින්න.බැන බැන ලියාගෙනම යන්න.ඉතින් ලිව්වට පස්සෙ,[ඔව් ලිව්වට පස්සෙ ආයේ කියවන එකනෙ නේද, මමනේ ලිව්වේ],නෑ ලිව්වට පස්සේ ආයේ ඕක කියවන්න ඕන නෑ,හොදට කොල ටික එකතු කරල එකතු කරලා,කේන්තිය නිවෙනකන් චප්ප කරලා චප්ප කරලා,ගුලී.........කරලා[ඕන නම් කෙල ටිකකුත් ගහන්න],ගිනි පෙට්ටිය අරන් ඕක කාටවත් පේන්නැති වෙන්න තැනකට ගිහින් පුච්චලා දාන්න.එක කොළ කෑල්ලක්වත් අතාරින්නෙපා ඔක්කොම පුච්චල අළු දූලී කරල දාන්න.ඊට පස්සෙ බලන්න හිතට එන මෙව්වා එක.

මම වැඩි අවධානයක් යොමු කලේ ඔය කාරණාව පැහැදිලි කරන්න.නමුත් සුළු සුළුවෙන් තව පොඩි දේවල් කීපයක් කියන්නම්.එකක් ආයේ හිටපු කෙනාගේ කිසිම දෙයක් ලඟ තියාගන්නෙපා,ඒවා දැක්කම තවත් අවුල් වෙනවා.යාළු සමාගමය ගොඩක් තියාගන්න,ඒ කිව්වේ සෙට් වෙලා ඩෝප් එක දාන්න කියන එක නෙවෙයි,යාළුවො යාළුවො ගොඩාක් කතා බහ කරන්න,සෙල්ලම් කරන්න යන්න.හොදට කෑම කන්න....හැබැයි බූට් කාරයොන්ටනම් කන්න බෑ හිතේ වේදනාවට[ආතල් එක ගත්තු/ලැබිච්ච අය දන්නවනේ],නමුත් උන්ට කන්න පොළඹවන්න පුලුවන් අනිත් අයට.ඒ කියන්නේ හොද චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්,කොත්තුවක්,එයා කන්න කැමති කෑමක් වගේ දෙයක් දුන්නොත් නිකන් ඉන්නෙකක් නෑ.තව කරන්න ආස යමක් තීනවනම් ඒ දේ වැඩි වැඩියෙන් යෙදෙන්න,හිත වෙන අරමුණක ටික වෙලාවක් තියගන්න ඒක උදව්වක් වේවී.

මේ කාරණාව සම්බන්දෙන් අවුරුදු 15,16ඉදන් ඊට ඉහලට හැම වයසකම වගේ කට්ටිය පීඩා විඳින නිසාලියන්න පුලුවන් සරලම විදියට ලිව්වා. එක ක්‍රමයක් තමා මූලිකවම පැහැදිලි කලේ.මේ ක්‍රමේ හිතට අසහනයක් දැනෙන ඕන කාරණාවක් සම්බන්ධෙන් යොදා ගන්න පුළුවන්. හැබැයි මොන දේ කලත්, බූට් නිසා දැන් පීඩා විඳින කෙනෙක් ඉන්නවානම් එයාට කරන්න තීන හොඳම දේ, කාලයාට ඉඩ දෙන්න, එයා හැම දේම යහපත් විදියට විසදලා දේවි.



3 comments:

  1. ඇත්තටම හොද ලිපියක්

    ReplyDelete
  2. මෙලෝ රහක් නෑ මේක කියවන් එද්දී තවත් තරහ යනව

    ReplyDelete