Monday, July 15, 2013

පාඩම් කරන ඒවා මතක හිටින්නෙ නැද්ද?





ඉගෙන ගන්න කාලේ තීන ලොකුම ප්‍රශ්නයක්නේ ඔය.පාඩම් කරනෝ කරනෝ ඒත් මතක හිටින්නේ නෑ.එක හේතුවක් සිහි කල්පනාවෙන් කියවන්නෙ නැති එක.ඒ උනාට අවුලක් නෑ ඕක බොහොම ලේසියෙන් ගොඩ එන්න පුළුවන් ප්‍රශ්නයක්.අනික කවුරුවත් හිතන්නෙපා පාඩම් කරපුවා මතක හිටින්නැත්තේ ලෙඩක් නිසා කියලා, ඒක එහෙම තමයි, ඔළුවට දේවල් වැටෙන්න වැටෙන්න අමතක වෙනවා.ඒක එහෙම වෙන්නෝන.එහෙම වෙනවා කියන්නේ ඔයාට හොඳට වැඩ කරන ඔළුවක් තියෙනවා.ඒත් මොලේ කියන්නේ අන්ලිමිටඩ් ස්ටෝරේජ් එකක්.ඒකට දේවල් ඕන තරම් දාන්න පුලුවන්,එකම දේ අපි ඉඳලා හිටලා ආයේ මතක් කරලා ගන්න ඕන.නිකන් හිතලා බලන්න,ගෙදර කම්පියුටරේට මොනාහරි ෆයිල් එකක් දැම්මා කියලා,ඒත් කාලෙකින් ගියේ නැති උනාම සේව් කල තැනවත් මතක නෑනේ.ඒත් හැමදාම බලන අර හංඟලා තීන  ෆයිල්ස් ඇස් දෙක වහන් උනත් ක්ලික් කර කර ගිහින් හොයාගන්න පුළුවන්නේ .අන්න ඒ වගේ තමා පාඩම් කරපුවත් ඉඳලා හිටලා හරි මතක් කලාම තමා ආයේ ඔළුවට එන්නේ.

හරි, අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරිම සිම්පල්. ඕන වෙන්නේ කහ පාට A4  ටිකකුයි ප්ලැටිග්නම් සෙට් එකකුයි.පාඩම් කරද්දි විභාගෙට අහයි කියලා හිතෙන කරුණු තීනවනේ,ඒවා තමන්ගේ ක්‍රමේට, කැමතිනම් සාරාංශ කරලා, එහෙම නැත්නම් ගෙඩිය පිටින්ම ඔය කහ පාට A4 වල තමන්ට මීටර් 5ක 10ක වගේ දුරක ඉඳන් බලන්න පුළුවන් ගානට ලොකු අකුරෙන් ලියලා තමන් පාඩම් කරන තැන බිත්තියේ අලවගන්න.මමනම් පාඩම් කලේ මගේ කාබරේ,එක බිත්තියක් පිරෙන්න අලවලා තිබ්බා.සති 2ක් තිබ්බනම් ඇති,ඔය නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් ඇහැ යවලා බිත්තිය දිහා බලන්න.එච්චරයි.මතකයේ තදින්ම තියෙන්න ඕන ඒවනම් ඇලෙව්වේ මේසෙ ඉස්සරහම තීන බිත්තියේ.හැම වෙලාවෙම පේනවනේ.Chemistry නිසා විනාස වෙලා ඉන්න උදවියට බොහොම හොඳ උදව්වක් මේක.මම අත්දැකීමෙන් කියන්නේ.Chemistry Inorganic එහෙම ඒ ඒ පාටින්ම ලියලා තිබ්බා,පාට මතක තියාගන්න තීනවනේ එකේ.හොඳට මතක හිටිනවා.Organic වලටත් කරන්න පුළුවන්.ආයේ ප්‍රතිකාරක එහෙම බොහොම හොඳට ඔළුවට වදිනවා.දන්නවා ඇතිනේ පරිවර්තනයක් දුන්නම තීන අමාරුව.බොහොම ලේසියට ප්‍රතිකාරක සෙට් එක ඔළුවට එනවා.ඉස්සෙල්ලා කහපාට කොළ 5ක් විතර ගෙනල්ලා කරලා බලන්න නිකමට,ඊට පස්සේ තේරෙයි එලදායි වැඩක්ද නැද්ද කියලා.දැන් අනිත් ප්‍රශ්නේ බිත්තියෙ තීන්ත ටික විනාසයි විභාගේ ඉවරවෙද්දි කියන එකනේ.ඒකට තියෙන්නේ ගම්වලින් අලවද්දි පොඩ්ඩක් වතුරත් කවලම් කරලා ගාන්න.ඒත් සමහර වෙලාවල් වලදි ගැලවෙනවා.ඒ නිසා හොඳම විදිය මමනම් කියන්නේ සෙලෝටේප් වලින් අලවන්න.පොඩි සෙලෝටේප් එකක් රුපියල් 15ක් වගේ නේ වෙන්නේ.කොළ 100ක් විතර අලවන්න ඇහැකි එක ටේප් එකකින්.අමතක උනා මුලින් කියන්න,කහපාට A4 කොළයක් රුපියල් 3ක් වගේ වෙන්නේ,සමහර වෙලාට ඊට වඩා පොඩ්ඩක් වැඩි ඇති.කොළ 5ක් රුපියල් 15යිනේ.ප්ලැටිග්නම් ඉතින් රුපියල් 100ට අඩු වෙයි.මම හිතන්නෙ නෑ ඕක මහා ලොකු ගානක් කියලා තීන අවශ්‍යතාවය ගැන සලකල බැලුවම.

ඕක බොහොම හොඳ ක්‍රමයක් හැමදාම පාඩම් කරන්න අකැමති අයට.එක පාරක් පාඩම් කරද්දි ලියලා බිත්තියේ ඇලෙව්වනම් ඒ ඇති.ඊට පස්සේ ඔය නිකන් ඉන්න වෙලාවට කියවන එකනේ.නිකන් ඉන්න වෙලාවට කියවන්න ඕනෙත් නෑ,ඔය මොකක් හරි කරද්දි ඔළුව කරකවනකොට දැක්කත් ඇති. 

ඒත් මතක තියාගන්න, කහපාට A4 සහ ප්ලැටිග්නම් පමණයි.

ක්‍රමේ නම් ඕක,ඊට එහා මනෝ විද්‍යාත්ම පසුබිම දැන් කියන්නම්.සරලවම කියනවනම්,කහපාට හොඳට මතකයට දේවල් කිඳා බහින්න උදව් කරන වර්ණයක්.තව දෙයක් කහ පාට තමයි ඇහැ වැඩියෙන්ම මහන්සි කරවන පාට,එතකොට අපි ටිකක් උනන්දුවෙන් බැලෙනවා.කහපාට සම්බන්ධ වෙන්නෙ සතුට,ප්‍රීතිය,කල්පනා කිරීමේ ශක්තිය,බුද්ධිය කියන හැඟීම් එක්ක.ස්නායු උත්තේජනයත් වැඩී කහපාටට.මනෝමය ක්‍රියාකාරකම් උත්තේජනය වැඩී ඊට සමගාමීව.ඉස්මතු කිරීම ඉතා ඉහලින් වෙනවා කහපාටින්,ඒ නිසා මොළේට ඒ පණිවිඩේ බොහොම හොඳට යනවා.නිකන් කල්පනා කරලා බලන්න,ඕන සෙනඟක් මැද්දේ කහපාට ඇඳන් ඉන්න කෙනෙක් කොච්චර ඉක්මනට ඇහැ අල්ලගන්නවද කියලා.ඇහැට අමාරු තමා මතක් කරනකොටත්, ඒත් කැපී පෙනීම වැඩී. අනික කහ පාටට නිදිමත එන්නෙ නෑ.නිදිමත වැඩියෙන් එනවනම් කාබරේ කහ පාටින් පේන්ට් කරගත්තත් කමක් නෑ .තව ඕනනම් උදාහරණයක් කියනවනම් නිල් පාට කියන්නේ අපිව  සංසුන් කරන,ලිහිල් කරන වර්ණය.මම හිතන්නේ ඔය ඇති කියලා පැහැදිලි කිරීම.ඕක තමයි කහපාට මත්තෙම මැරෙන්න හේතුව.මේක A/Ls,O/Ls ලියන්න ඉන්න අයටනම් වැදගත් වේවී.

P.S.
If I share my personal experience, I did Maths for my A/Ls. This helped me a lot for MCQs. I used to jot down the points and It's aided me to a level that before 2 months of the exam I was in Chemistry MCQs 30-35 level. At the exam I scored 48 out of 60. And Physics I was in 40-45 MCQs level. But at the exam I've got 53 out of 60. The thing is, up to first 50 I've scored 48 and out of the last 10, I just managed to mark correctly only 5. As you know last 10 they check your thinking ability. But I'm a තල්ලු start fellow. So I scored as much as I can from first 50. First 50 more or less past papers. Highly tested areas are being everyday tested. I don't know about Commerce or Art subjects, but this is really helpful to any careworn Subject, So you can use it as you wish. If I move from A/Ls to Other studies, this trick helped me to score 63 for my CIMA EO paper[Normally Sri Lankan prize for EO is around 70]. It's a high score for a horrendous paper like EO, where examiners check each and every Theory part of the Subject. This is just to convince that how this method is useful to your studies. This is not that very hard or troublesome to practice either.


Just attached to get an idea.