Friday, September 21, 2012

සිතූ පැතූ දේ ලබාගැනීමට ඉතා සරල පොඩි අභ්‍යාසයක්







මේක පොඩි සරල අභ්‍යාසයක්. කිසිම පාඩුවක් නෑ අත් හදා බැලුවට,මොකෝ වාසිය වෙන කාටවත් නෙවෙයි තමන්ටමයි. හිතේ බලේ වෙන මොන බලේටත් වඩා වැඩී කියලා අහල ඇතිනේ.අපි අර හිත ඇත්නම් පත කුඩාද කියලා කියන්නෙ සිංහලෙන්.ඉතින් ඔය නිකන් විකාර හිත හිත ඉන්න හිතෙන් තමුන්ට වෙන්න උවමනා වැඩ,ආසාවල් ඉෂ්ඨ කරගන්න පොඩී දෙයක් මේ කියන්නේ.අපි අද හිතන දේ අනාගතේ ඇත්තක්,යථාර්තයක් කරගන්න පුළුවන් විදියක්.මේ ක්‍රමේ චිත්ත රූප විද්‍යාවේ එන ක්‍රමයක්.නම් ගම් කියලා වැඩේ සංකීර්ණ කරගන්න ඕන නෑනේ,ඒ නිසා කරන වැඩේ කියන්නම්.මේ කරන වැඩේ සිතූ පැතූ දේ ඉල්ලලා එක එක්කෙනාට කන්නලව් කරනවට වඩා ලේසියි,පහසුයි,ප්‍රායෝගිකයි.

මෙන්න මෙහෙම හිතමු,තමන්ට ඕන කරන දෙයක් ලබා ගන්න ආසාවක් තියෙනවා කියලා,අන්න ඒ දේ හිතේ අධිෂ්ඨානයෙන් ලබා ගන්න විදියක් තමා මේ කියලා දෙන්න යන්නේ.කැමතිනම් කරලා බලන්න.

මේ වැඩේ කරන්න සුදුසුම වෙලාවල් විදියට මමනම් දකින්නේ එක්කෝ රෑ නින්දට යන්න කලින්,නැත්නම් උදේ නැගිට්ට ගමන්.හැබැයි උදේ නැගිට්ට ගමන් තමයි හොඳම.ඒ නැත්තත් තමුන්ට පහසු වෙලාවක් යොදාගන්න,ඒකේ ගැටළුවක් නෑ.ප්‍රධානම දේ තමා පුලුවන් තරම් හිත එකඟ කර ගැනීම.පියවරෙන් පියවර බලමු,පොඩි වැඩක් තියෙන්නේ.

1) මුලින් හිත එකඟ කරගන්න.මොකක් හරි භාවනාවක් කරන්න මිනිත්තු කීපයක්,ඒ බැරිනම් 100 ඉදන් 1 ගණන් කරන්න සිහි බුද්ධියෙන්,ආනාපානා සති භාවනාව මේකට බොහොම හොඳට ගැළපෙන බව කියන්න ඕන.

2)ඊට පස්සෙ තමුන්ගෙ ඉස්සරහින් කණ්ණාඩියක් මවා ගන්න.අඳුරු පාට කණ්ණාඩියක්.ඒකේ ඔහේ නිකන් හිතෙන් ඇඳන් යන්න තමාට වෙන්න ඕන නැති දේ.ඊට පස්සෙ ටිකකින් ඒ කණ්ණාඩිය කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යනවා දකින්න.

3).ඊළඟට දකින්න බොහොම දීප්තිමත් රාමුවක් තීන කණ්ණාඩියක්,අන්න ඒකේ අදින්න තමාට වෙන්න ඕන දේ.හිතන්න තමුන්ට ගෙයක් ගන්න උවමනාවක් තියෙන්නේ කියලා.එහෙනම් ගෙයක් මනසෙන් අදින්න.පුළුවාන් තරම් විස්තර ඇතුව.ඒ කියන්නේ තමුන්ට ඕන තනි තට්ටුවේ ගෙයක්ද,තට්ටු දෙකේ ගෙයක්ද,කොච්චර ලොකු වෙන්න ඕනෙද ඒ වගේ ඒවා. ගාලා තීන පාට,ගෙට ඇතුල් වෙනකොට විදිය,ඇතුල් වෙනකොට පේන දේවල,ගේ වටේ වවලා තීන මල්,ඒ මල් වල පාට වගේ හැකිතාක් විස්තර හිතෙන් ඔය කණ්ණාඩියේ අදින්න.ඊට පස්සෙ ඔය ඇඳපු චිත්‍රේ දිහා හිතෙන් බලන් ඉන්න.

ඕක දිනපතා ප්‍රගුණ කරන්න,වැඩි දවසක් යන්න කලින් තමුන්ව පුදුමයට පත් වෙන්න හිතපු වැඩේ වේවී.නිකන් කරල බලන එකනේ.

මෙහෙමයි,මේ යටි හිතෙන් වැඩ ගන්න පොඩි විදියක්. අපේ උඩු හිතයි යටි හිතයි කියලා 2ක් තීනවනේ.උඩු හිත තමා දැන් මේ වෙලාවේ තියෙන්නේ,අපි ඇහැරන් ඉන්න වෙලාවේ.නිදාගන්න ගියාම තමා යටි හිත වැඩ කරන්නේ.නැගිටලා ඉන්න මේ වෙලාවේ අපේ මනස තියෙන්නේ බීටා මට්ටමේ,නිදා ගන්නකොට ඇල්ෆා මට්ටමට එනවා.ඉතින් ඇල්ෆා මට්ටමට ගන්න නිදා ගන්නම ඕන නෑ,භාවනාවකින් වගේ හිත එකඟ උනාම මනස නිකන්ම ඇල්ෆා මට්ටමට වැටෙනවා.අන්න ඒ වෙලාට අපිට ඕන දේ යටි හිතෙන් ඉල්ල ගන්න පුලුවන්.

සමහර වෙලාට අත්දැකීම් ඇති අනේ මට මෙහෙම දෙයක් අරහෙම දෙයක් තිබ්බොත් හොඳයි කියලා හිතිලා,වැඩි දවසක් යන්න කලින් ඒ දේ තමුන් අතටම ලැබෙන. ආන්න එහෙම දෙයක් තමා මෙතනදිත් කරන්නේ.එතනදිත් වෙන්නේ තමන්ට ඕන දේ ගැන යටි හිතට පොඩි සිග්නල් එකක් දෙන එක.ආසාව වැඩි නිසා හැම වෙලේම ඕක කල්පනා කර කර හිටියම ඕක යටි හිතට සාන්ද්‍රණව වෙනවා.ඊට පස්සෙ ඉතිරිය යටි හිත බලා ගන්නවා. කැමතිනම් කරල බලන්න,බොහොම පොඩි වැඩක්!




8 comments:

  1. සෑර් මමත් නිවන් දකින්ඩ කියල ප්‍රාර්තනා කොර කොර ඉන්නෙ. මේ ක්‍රමේ හරී ලෙසියිනේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් බැරි වෙන එකක් නෑ රෑ මිනිත්තු 5ක් ඕක කරනවා වෙනුවට දවසේ පැය 24න් පැය 23යි මිනිත්තු 55ක් ඕක කර කර හිටියොත්.:P

      BTW, Happy Meditating!!!

      Delete
  2. මම පිලිගන්නවා මේ පෝස්ට් එක.මොකද ඔය සම්බන්ධ දේ මම අත්හදා බලල තියන නිසා..මනසට කරන්න බැරි දෙයක් නැහැ.පුළුවන් කියන වචනය පමණක් මනසට කව්වල තිබ්බම අවශ්‍ය දේ නිරායාසයෙන්ම සිදුවෙනවා.මෙවන් දේ ලියන එක ඇත්තටම වටිනවා,මොකද මිනිස්සු පුහු දේ පසුපස යනවා මිසක් මේවගේ දේවල් හිතන්න පෙළඹෙන්නේ නැති නිසා.

    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!! හිතේ බලේ හැම දේටමත් වඩා වැඩී. හිත කියල කිව්වේ යටි හිත. උඩු හිතයි යටි හිතයි අතර තීන පරතරය අඩු කරන්න පුලුවන්නම් යටි හිතට දේවල් සාන්ද්‍රණව වෙනවා වැඩි. අවුල තියෙන්නේ අපි එක එක බම්බු වලින් උඩු හිත දූෂ්‍ය කරන් ඉන්නේ.අපිට ප්‍රශ්න වැඩී.ඒකයි අපිට මේක ටිකක් කල් ප්‍රගුණ කරන්න වෙන්නේ.ඒත් තාපස වරු වගේ වැඩිය හිතේ ප්‍රශ්න නැති,හිත ප්‍රගුණ කල අයට මේවා මිනිත්තු 2,3ක් කලත් ඇති. ඒත් වැඩේ තියෙන්නේ එයාටල මේවා කරලා ලබාගන්න දේවල් නෑ...පෘත්ජ්ජන අපි තමා මේවා පස්සේ දුවන්නේ.ඒත් කමක් නෑ,වැඩේ කෙරෙනවනම් එච්චරනේ....... :)

      Delete
  3. Replies
    1. ස්තූතියි!!! කරල බලන්න....බන්ටි ටොපියක් හරි නිකන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරල බලන්න. :)

      Delete
  4. මේ ක්‍රමය සාර්ථකයි.හොඳට ප්‍රගුණ කරන්න ඕනෑ. ඒ වගේම කැපවීමත් අවශවෙනවා.

    ReplyDelete
    Replies
    1. මහා ලොකු කැපවීමක් ඕන නෑ....මිනිත්තු 5ක් තමුන්ගේ මනස ඒකාකාරීව තියාගන්න පුළුවන් නම් ඒ ඇති. ඒකටත් ලේසිම ක්‍රමේ 100 ඉදන් 1 ට සිහියෙන් ගනින්න.බොහොම පොඩි දෙයක් නේ... :)

      Delete