Monday, August 19, 2019

යකාගේ තටාකය





පහුගිය ඔක්තෝබරයේ මට Africa රටවල් දෙකක සංචාරය කරන්න ලැබුනා. එකක් සැම්බියාව. අනික කෙන්යාව. සැම්බියාවට යන්න හේතුව උනේ මීට අවුරුදු කීපයකට කලින් මම ‍යූටියුබ් වීඩියෝ එකක වික්ටෝරියා දිය ඇල්ල(Victoria Falls) අග මිනිස්සු පීනන වීඩියෝ එකක් දැක්කා, ඉතින් මටත් හිතුනා ගිහින් බලන්න. වික්ටෝරියා දිය ඇල්ල තමා ලෝකෙ ලොකුම දිය ඇල්ල. තව ලෝකෙ ස්වභාවික ලෝක පුදුම හතෙනුත් එකක් වෙනවා. සැම්බේසි(Zambezi river) ගඟ ලොකු පැලුමකින් වැටිලා තමා මේ දිය ඇල්ල හැදෙන්නේ. මේක මුලින්ම හොයාගත්තා කියන්නේ ඩේවිඩ් ලිවින්ග්ස්ටෝන් (David Livingstone) කියන ස්කොට් ජාතිකයා. එයා මේක වික්ටෝරියා රැජිණ නමින් නම් කරනව. ඒත් ස්වදේශික ජනතාව කියන්නේ "Mosi-oa-Tunya" එහෙම නැත්නම් 'ගිගුරුම් දෙන දුමාරය' (The Smoke That Thunders) කියල. මේ දිය ඇල්ල, එහෙමත් නැත්නම් පැලුම තමා සැම්බියාවයි සිම්බාබ්වේ දේශයයි වෙන් කරන්නේ. මම වාඩි වෙලා ඉන්න තැනට එහා පැත්තෙ පේන්නෙ සිම්බාබ්වේ දේශය. මේ Devil's Pool එහෙම නැත්නම් 'යකාගේ තටාකය' කියන එක ගඟේ මේ කොටස අයිති හෝටලෙන් තමා කරන්නේ. මේක කරන්න පුලුවන් අවුරුද්දේ එක කාලෙකදි විතරයි. අගෝස්තු අග ඉඳන් ජනවාරි මුල වගේ වෙනකන් පුලුවන් වතුර අඩු කාලේ මේක කරන්න.

මේ ගැන තවත් තොරතුරු කියවන්න>>>


2 comments: