ගිය පෙබරවාරි අන්තිම අපේ ඉස්කෝලෙ යාළුවෙක් කසාද බැන්ඳා. වෙඩිම තිබ්බෙ වැලිගම මැරියට් හෝටලේ, ඒක ඉවර වෙලා පොඩි රෝන්දෙකටත් එක්ක ඊට අල්ලපු ගමේ, මිරිස්සේ, සීක්රට් බීච් එක හොයන් යන්න මායි, දුලිතුයි කල්පනා කලා. ටිකක් හොයන් යන්නෝන, මං ලොකේෂන් එක මේකෙ දාන්නම්, රූමස්සල ජංජල් බීච් වගේ තමා ටිකක්. වැඩි කාලයක් යන්න කලින් ඒ ලෙවල් එකට ඒවී. ඒ කිව්වේ සෙනඟ පිරේවි.
Friday, August 30, 2019
Friday, August 23, 2019
දිය ඇළි 7ක් උඩින්
අර ෆේස්බුක් එකේ ශාමිනී සේරසිංහ ඇන්ටි මට මේ දවස් වල විවේකයක් අරන් දීලා තියෙන නිසා...........😂, අතපසු උන පරණ කතා ටික ලියන්නත්, සිංහල ලිපි ටික එක තැනකට ගන්නත් මට දැන් නොසෑ.........හෙන්න වෙලාවක් ලැබිලා තියෙනවා 😅. මේක අවුරුදු 3ක් විතර පරණ ගමනක් ඒත් ඒ විස්තර මට සිංහලෙන් ලියාගන්න වෙලාවක් තිබුණෙ නෑ.
සම්පූර්ණ ලිපියට>>>
Labels:
Traveling
Monday, August 19, 2019
යකාගේ තටාකය
පහුගිය ඔක්තෝබරයේ මට Africa රටවල් දෙකක සංචාරය කරන්න ලැබුනා. එකක් සැම්බියාව. අනික කෙන්යාව. සැම්බියාවට යන්න හේතුව උනේ මීට අවුරුදු කීපයකට කලින් මම යූටියුබ් වීඩියෝ එකක වික්ටෝරියා දිය ඇල්ල(Victoria Falls) අග මිනිස්සු පීනන වීඩියෝ එකක් දැක්කා, ඉතින් මටත් හිතුනා ගිහින් බලන්න. වික්ටෝරියා දිය ඇල්ල තමා ලෝකෙ ලොකුම දිය ඇල්ල. තව ලෝකෙ ස්වභාවික ලෝක පුදුම හතෙනුත් එකක් වෙනවා. සැම්බේසි(Zambezi river) ගඟ ලොකු පැලුමකින් වැටිලා තමා මේ දිය ඇල්ල හැදෙන්නේ. මේක මුලින්ම හොයාගත්තා කියන්නේ ඩේවිඩ් ලිවින්ග්ස්ටෝන් (David Livingstone) කියන ස්කොට් ජාතිකයා. එයා මේක වික්ටෝරියා රැජිණ නමින් නම් කරනව. ඒත් ස්වදේශික ජනතාව කියන්නේ "Mosi-oa-Tunya" එහෙම නැත්නම් 'ගිගුරුම් දෙන දුමාරය' (The Smoke That Thunders) කියල. මේ දිය ඇල්ල, එහෙමත් නැත්නම් පැලුම තමා සැම්බියාවයි සිම්බාබ්වේ දේශයයි වෙන් කරන්නේ. මම වාඩි වෙලා ඉන්න තැනට එහා පැත්තෙ පේන්නෙ සිම්බාබ්වේ දේශය. මේ Devil's Pool එහෙම නැත්නම් 'යකාගේ තටාකය' කියන එක ගඟේ මේ කොටස අයිති හෝටලෙන් තමා කරන්නේ. මේක කරන්න පුලුවන් අවුරුද්දේ එක කාලෙකදි විතරයි. අගෝස්තු අග ඉඳන් ජනවාරි මුල වගේ වෙනකන් පුලුවන් වතුර අඩු කාලේ මේක කරන්න.
මේ ගැන තවත් තොරතුරු කියවන්න>>>
Labels:
Traveling
Saturday, August 17, 2019
Trekking Batad Rice Terraces and Tappiya Falls
Batad is one of the 5 UNESCO world heritage sites in Banaue, Ifugao province, Philippines. The Ifugao Rice Terraces illustrate the remarkable ability of human culture to adapt to new social and climate pressures as well as to implement and develop new ideas and technologies. Although listed by the UNESCO as a World Heritage site believed to be older than 2,000 years. Ifugaoes used to be head hunters. And this is the same tribe that carved out terraces on the sides of mountains 2000 years ago, just mind-boggling.
Labels:
Traveling
Subscribe to:
Posts (Atom)